ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අලුත්ම ගණන් එළියට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉකුත්දා යාවත්කාලීන වූ නවතම කොන්ත්‍රාත්තුව අනුව ක්‍රීඩකයන්ට පිරිනැමූ තරග ගාස්තු අද අරුණ පුවත්පත නිකුත් කර ඇති අතර ඒ අනුව ජයග්‍රහණය කරන එක්දින තරගයක් සඳහා ඇ.ඩො. 7500ක්, විස්සයි විස්ස තරගයක් සඳහා ඇ.ඩො. 5000ක් හා ටෙස්ට් තරගයක් සඳහා 15,000ක් හිමි වේ. එමෙන්ම තරග පරාජයේදී ගාස්තුව අඩුකර ඇත.
තරග පරාජය වන විට එක්දින තරගයක් සඳහා ඇ.ඩො. 3500ක්, විස්සයි විස්ස තරගයක් සඳහා ඇ.ඩො. 2500ක් හා ටෙස්ට් තරගයක් සඳහා 7500ක් හිමි වේ.
ජය පරාජයෙන් තොර හෝ අත්හැර දමන තරග වලදී එක්දින ආකෘතියට ඇ.ඩො. 3000ක්, විස්සයි විස්ස ආකෘතියට ඇ.ඩො. 2000කි. ජය පරාජයෙන් තොර ටෙස්ට් තරගයකට ඇ.ඩො. 10000ක් ලෙස තීරණය වී ඇතැයි වාර්තා කර ඇත.

Post a Comment