රට අතහැර හෝ IPL යමු; පෞද්ගලික කළමනාකරුවෝ ක්‍රිකට් කනවාලු
ලීග් සඳහා අවසරය (NOC) හිමි නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගිවිසුම අතහැර හෝ IPL තරගාවලියට යාම සඳහා ක්‍රීඩකයන් පෙළඹවීමට මේ දිනවල පෞද්ගලික කළමනාකරුවන් කටයුතු කරමින් සිටින බවට අද අරුණ පුවත්පත වාර්තා කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලීග් සඳහා සහභාගිවීමේ NOC ලබාදීමට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වීම අනිවාර්‍ය කර ඇති අතර අසමත් අය සඳහා NOC ලබා නොදීමට තීරණය කර ඇත. NOC නොමැතිව IPL තරගාවලිය මඟ හැරුණහොත් ක්‍රීඩකයාගේ වෙන්දේසි මුදලින් පෞද්ගලික කළමනාකරුවාට හිමිවන ප්‍රතිශතය අහිමි වීම සිදු වේ. මේ ව්න විට ආබාධවලට ලක් වූ ඇතැම් ක්‍රීඩකයන්ගේ IPL සහභාගිත්වය අවධානම් තත්ත්වයකට පත්ව ඇත.
මේ නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ඇති කොන්ත්‍රාත්තුව පසෙකලා හෝ IPL තරගාවලිය සඳහා සහභාගිවීමට ක්‍රීඩකයන් පෙළඹවීමට පෞද්ගලික කළමනාකරුවන් කටයුතු කරමින් ඇතැයි වාර්තා කර ඇත.

Post a Comment