ලංකාව බෝම්බ මැද පාකිස්තාන් යද්දී, බාබර්ලා ලංකාවට පිටුපා බිග් බෑෂ් යයි


ශ්‍රී ලංකාව සහ පාකිස්තානය 2026 ජනවාරි මස දඹුල්ලේදී ක්‍රීඩා කරන විස්සයි විස්ස තරගාවලිය සඳහා පාකිස්තාන සංචිතය අද (28) ප්‍රකාශ කළ අතර මෙම සංචිතයට බාබර් අසාම් ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයන් සිව් දෙනකු ඇතුළත්කර නොමැත. එයට හේතු වී ඇත්තේ ඔවුන් ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීග් තරගාවලිය සඳහා සහභාගි වීමය.

බාබර් අසාම්, ෂහීන් අෆ්‍රිඩි, හැරිස් රවුෆ්, හසන් අලී සහ මොහොමඩ් රිස්වාන් මෙලෙස ශ්‍රී ලංකා තරගාවලිය සඳහා සහභාගි නොවනු ඇති අතර ශඩාබ් ඛාන් පමණක් බිග් බෑෂ් තරගාවලියෙන් ඉවත්ව ශ්‍රී ලංකා තරගාවලියට එක් වනු ඇත. සල්මන් අලි අගා නායකත්වය දරන 15 දෙනකුගේ සංචිතය සඳහා කඩුලු රකින නවක ක්‍රීඩක කවාජා නෆායි ද කැඳවා ඇත.


පාකිස්තාන සංචිතය: සල්මන් අලි අගා (නායක), අබ්දුල් සමද්, අබ්‍රාර් අහමඩ්, ෆහීම් අෂ්රෆ්, ෆකාර් සමාන්, කවාජා නෆායි, මොහොමඩ් නවාස්, මොහොමඩ් සල්මන් මිර්සා, මොහොමඩ් වසීම් ජූනියර්, නසීම් ෂා, සාහිබ්සාදා ෆර්හාන්, සයිම් අයුබ්, ශඩාබ් ඛාන්, උස්මාන් ඛාන්, උස්මාන් තාරික්


තරගාවලි කාලසටහන

පළමු තරගය, දඹුල්ල, 2026 ජනවාරි 07

දෙවන තරගය, දඹුල්ල, 2026 ජනවාරි 09

තෙවන තරගය, දඹුල්ල, 2026 ජනවාරි 11

No comments

Powered by Blogger.