19න් පහළ අසියානු රග්බි සටනේ ශ්‍රී ලංකාවට පළමු අභියෝගය හොංකොං වෙතින්

ශ්‍රී ලංකාවට සත්කාරකත්වය හිමි වූ වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලිය 2026 වසරේ දෙසැම්බර් මාසයේ 14 සිට 18 දක්වා කාල සීමාව තුළ පැවැත්වීමට නියමත බව වාර්තා වේ. එහි ශ්‍රී ලංකාවට පළමු තරගය හිමිවී ඇත්තේ හොංකොං සමගිනි. 

තරගාවලියට සත්කාරක ශ්‍රී ලංකාව සමග හොංකොං, කොරියාව සහ චීන තායිපේ යන කණ්ඩායම් සහභාගිවීමට නියමිතය. තරගාවලිය අවසන් පූර්ව වටයෙන් ඇරඹේ. ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං සමගින් ද, දකුණු කොරියාව චීන තායිපේ සමගින් ද ක්‍රීඩා කිරීමෙන් පසු ජයග්‍රාහකයන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත. අවසන් මහා තරග ජයග්‍රාහකයාට 2027 වයස අවුරුදු 20න් පහළ රග්බි ලෝක කුසලාන සඳහා සහභාගිවීමට අවස්ථාව හිමි වේ.

ශ්‍රී ලංකාව 19න් පහළ ආසියානු රග්බි ශූරතා සත්කාරකත්වය අවසන් වරට දැරූ 2000 වසරේදීද ජීවන් ගුණතිලක නායකත්වය දැරූ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරතාවේ තුන්වන ස්ථානය හිමිකර ගනිමින් කුළුඳුල් 20න් පහළ රග්බි ලෝක කුසලාන සහභාගිත්වයට අවස්ථාව හිමිකර ගත්තේය. එය ශ්‍රී ලංකාව ඕනෑම රග්බි ලෝක කුසලානයක් සඳහා සුදුසුකම් ලද පළමු අවස්ථාව වූ අතර ලෝක කුසලානයේදී බෙලිජියම පරදමින් (22-15) ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ පළමු ලෝක කුසලාන තරග ජය වර්තා කිරීමටද සමත් විය.

No comments

Powered by Blogger.