"ශ්‍රී ලංකාවට විදෙස් රග්බි ක්‍රීඩකයන් ගේනවා" - නව සභාපති කියයි
ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදිර පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට පසුගිය සිකුරාදා (10) සහභාගි වූ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නව සභාපති පවිත්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ විදෙස් රග්බි ක්‍රීඩකයන් මෙරට රග්බි ක්‍රීඩා සමාජ සඳහා ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවයි.
මෙරට ක්‍රීඩා සමාජ රග්බි සඳහා වන ප්‍රේක්ෂක ආකර්ෂණය අවසන් වර 30දී අඩුවීමට විදෙස් ක්‍රීඩකයන් නොමැති වීම බලපෑ බවත්, ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා මෙන්ම අනුග්‍රාහක ආකර්ෂණය සඳහා අවම වශයෙන් විදෙස් ක්‍රීඩකයන් දෙදෙනකු ක්‍රීඩා සමාජයකට එක් කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදිර මෙම මස 18 සහ 19 දිනවල කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙන අතර ඒ සඳහා පිරිමි කණ්ඩායම් 12ක් සහ කාන්තා කණ්ඩායම් 12ක් සහභාගිවිමට නියමිතය. තරගාවලියේ පළමු අදියර චීනයේ පැවැති අතර එහිදී ශ්‍රී ලංකාව සිව්වැනි තැන දිනා ගත්තේය.
ඊට කලින් මහත්තයා සල්ලි නැහැ කියලා නවත්තලා දාලා තියෙන දේශීය තරගාවලි ටික ගැහුවනම් හොඳයි නේද
ReplyDelete