තරගාවලිය ක්‍රීඩා කිරීමට සියල්ලෝ කැමති වෙති
මේ වන විට පකිස්තානයේ සංචාරයේ නිරතව සිටින 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම, කණ්ඩායම් කළමනාකාරීත්වය සහ සහායක කාර්ය මණ්ඩලය යන පිරිස තරග සංචාරය අඛණ්ඩව කරගෙන යාමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරයි.
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අදාළ බලධාරීන් සමඟ සමීපව සාකච්ඡා කිරීමෙන් පසු, කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුගේම ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දුන් සහතික කිරීම් අනුව පිරිස මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව ක්‍රීඩකයින්, කණ්ඩායම් කළමනාකාරීත්වය සහ සහායක කාර්ය මණ්ඩලය අඛණ්ඩව පාකිස්තානයේ රැඳී සිටිමින් නව තරගාවලි කාල සටහන අනුව තරගාවලිය ක්‍රීඩා කරනු ඇත. මේ අතර තුන්කොන් තරගාවලියට සහභාගි වන සිම්බාබ්වේ කණ්ඩායමද අලුයම පාකිස්තානයට පැමිණියේය.
නව තරගාවලි කාලසටහන


Post a Comment