කුසලාන සහ පළඟ ශූරයන් සඳහා අවසන් මහා තරග
එමෙන්ම මෙවර කුසලාන සහ පළඟ ශූරතා අවසානයේ ප්‍රසාද ලකුණු සටහනෙහි පළමු ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් දෙක සඳහා ශූරතා කුසලාන හිමි නොවේ. ශූරතා කුසලාන දිනා ගැනීම සඳහා අවසන් මහා තරග පැවැත්වීමට රග්බි ආයතනය පියවර ගෙන ඇත.
කුසලාන ශූරතා වටයේ පළමු සහ දෙවන ස්ථානවලට පත්වන කණ්ඩායම් අතර අවසන් මහා තරගයක් පවත්වා එහි ජයග්‍රාහකයින්ට කුසලාන ශූරතාව පිරිණමන අතර පළඟ ශූරතා වටයේ පළමු සහ දෙවන ස්ථානවලට පත්වන කණ්ඩායම් අතර අවසන් මහා තරගයක් පවත්වා එහි ජයග්‍රාහකයින්ට පළඟ ශූරතාව පිරිණමනු ලැබේ.
එමෙන්ම මූලික වටයේ අවසාන කණ්ඩායම බවට පත්වෙමින් පළඟ ශූරතා වටය සඳහා තරග කිරීමේ අවස්ථාව අහිමි වූ කණ්ඩායමට, ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලිය ඇරැඹීමේදී ඒ සඳහා ඇතුළත්වීමට යළි අවස්ථාවක් ලබා දීමට නියමිතය. එහිදී ඔවුන් සහ පළඟ ශූරතා වටයේ අවසාන ස්ථානයට පත් වූ කණ්ඩායම අතර සුදුසුකම් ලැබීමේ තරගයක් පවත්වා එහි ජයග්‍රාහකයින් පමණක් ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලිය සඳහා ඇතුළත් කර ගනු ඇත.
මෙම පියවර මෙන්ම විදෙස් ක්‍රීඩකයකු බැගින් කණ්ඩායම් සඳහා බඳවා ගැනීමට අවසර ලබාදීම තුළින් තරගාවලියේ තරගකාරිත්වය වැඩි කිරීමට, ක්‍රීඩකයින්ගේ දක්ෂතා දියුණු කිරීමට මෙන්ම ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා රග්බි සභාපති පවිත්‍ර ප්‍රනාන්දු සඳහන් කරයි.


Post a Comment