පාකිස්තාන තරග සංචාරය අඛණ්ඩව කරගෙන යාමට නියෝග


පාකිස්තානයේ සංචාරය කරමින් සිටින ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ආරක්ෂක ගැටලු හේතුවෙන් නැවත දිවයිනට පැමිණීමට ඉල්ලීමක් කළ බවත්, ඒ පිළිබඳ වහාම ක්‍රීඩකයින් සමඟ සාකච්ඡා කළ අතර පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය සමඟ සමීප සම්බන්ධීකරණයෙන් පසුව සියලුම ආරක්ෂක ගැටලු විසඳන බවට ක්‍රීඩකයන්ට සහතික වූ බවත් SLC නිල නිවේදනයේ සඳහන් වේ.

SLC විසින් සියලුම ක්‍රීඩකයින්ට, සහාය කාර්ය මණ්ඩලයට සහ කළමනාකාරිත්වයට නියමිත පරිදි තරග සංචාරය අඛණ්ඩව කරගෙන යන ලෙසට උපදෙස් දී ඇත. 

SLC උපදෙස් නොතකා සංචාරයෙන් ඉවත් වී ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට කිසියම් ක්‍රීඩකයෙකු හෝ කණ්ඩායම් සාමාජිකයෙකු තීරණය කරන්නේ නම්, සංචාරය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා වහාම ආදේශක ක්‍රීඩකයින් පාකිස්තානයට යවනු ඇති බව ද එහි සඳහන් වේ.

එසේ ආපසු එන ක්‍රීඩකයින්ගේ ක්‍රියාමාර්ග ඇගයීම සඳහා විධිමත් සමාලෝචනයක් පවත්වන බවත්, සමාලෝචනය අවසන් වූ පසු සුදුසු තීරණයක් ගන්නා බවත් SLC නිවේදනයඒ වැඩිදුරටත් සඳහන් වේ. 


No comments

Powered by Blogger.