ක්‍රිකට් පිලේ විනය තකා දැඩි තීරණ අරගෙනලු
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නව කොන්ත්‍රාත්තුව අනුව ක්‍රීඩකයන් හා සහය කාර්ය මාණ්ඩලයට දැඩි නීති පනවා ඇතැයි අද ජාතික පුවත්පතක් වාර්තා කර ඇත. ඇඳුම් පැළඳුම්, භාවිතා කරන වචන, සමාජ මාධ්‍ය භාවිතා කිරීම මෙන්ම ලිංගික ක්‍රියාකාරකම් සඳහාද මේ අනුව සීමා පනවා ඇති බව වාර්තා කෙරේ.
කණ්ඩායම තුළ ක්‍රීඩකයකු හෝ සහය කාර්ය මණ්ඩලය පිරිස් අසභ්‍ය වචන භාවිතා කිරීම හා සමාජ මාධ්‍ය භාවිතා කරන අයුරු පිළිබඳ ඉදිරියේදී දැඩි අවධානය යොමු වනු ඇතැයි ද, පුහුණුවීම් සහ සංචාර අතරතුර කරාබු පැළඳීම තහනම් වන බවද වාර්තා කර ඇත.
එමෙන්ම ක්‍රීඩකයන්ට මෙන්ම සහය කාර්ය මණ්ඩලයට ද තරගාවලි අතරතුර සහකාරිය සමඟ වන සබඳතාවලට පමණක් අවසර ඇතැයි ද වාර්තා කර ඇත.

Post a Comment