ට්‍රම්ප්ගේ උපන්දිනදා ධවල මන්දිරේ UFC සටන්

මිශ්‍ර සටන් කලා (MMA) ලෝලීන් මෙන්ම සමස්ත ක්‍රීඩා ලෝකයම උනන්දුවෙන් බලා සිටි සුවිශේෂී සහ ඓතිහාසික ක්‍රීඩා ඉසව්වක් වන UFC Freedom 250 නැතහොත් UFC White House එළඹෙන ජූනි 14 වනදා වොෂින්ටන් නුවර ධවල මන්දිරයේ දකුණු තණතිල්ලේ (White House South Lawn) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙය හුදෙක් තවත් එක් UFC සටන් රාත්‍රියක් පමණක් නොවෙන අතර ඇමරිකානු ඉතිහාසයේ ධවල මන්දිර පරිශ්‍රය තුළ පැවැත්වෙන පළමු වෘත්තීය ක්‍රීඩා ඉසව්ව ලෙස මෙය ඉතිහාසගත වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ 250 වන නිදහස් සංවත්සරය සැමරීම නිමිත්තෙන් මෙම තරග ඉසව්ව සවිධානය කරන බව සඳහන් වුණත් එදිනටම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 80 වන උපන්දිනය යෙදී තිබෙනවා. ඒ වගේම  එක්සත් ජනපදයේ Flag Day එකත් දිනටම යෙදී තිබේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයා සහ UFC ප්‍රධානී ඩේනා වයිට් (Dana White) අතර පවතින වසර 25කට වඩා පැරණි මිත්‍රත්වය මත මෙම අදහස යථාර්ථයක් බවට පත්ව ඇති අතර පසුගිය මැයි මාසයේදී ට්‍රම්ප් විසින් තරගාවලියේ ප්‍රධාන සටන්කරුවන් සිව්දෙනා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයට කැඳවමින් විශේෂ 'UFC White House Championship' නම් Belt එකක් හඳුන්වාදීමට ද කටයුතු කළේය. එහිදී ඔහු සටන්කරුවන් අමතමින් පවසා තිබුණේ "ඇමරිකාවේ නිදහස සහ සටන්කාමී ජීව ගුණය නිරූපණය කිරීමට මීට වඩා හොඳ ක්‍රමයක් තවත් නැහැ" යනුවෙනි.

ඉදිකෙරෙමින් පවතින 'The Claw' වේදිකාව

මෙම ඉසව්ව සඳහා UFC හි මව් සමාගම වන TKO සමාගම ඩොලර් මිලියන 60 කට වඩා වියදම් කරන බවට එහි සභාපති මාර්ක් ෂපීරෝට පවසා ඇත. ඒ වගේම මෙමගින් සමාගමට ඩොලර් මිලියන 30ක පමණ ශුද්ධ අලාභයක් සිද්ධ වනු ඇති බවට ගණන් බලා ඇතැයි සඳහන් වේ. කෙසේ වෙතත් ඔවුන් සඳහන් කරන්නේ ඇමරිකාවේ 250 වන නිදහස් සංවත්සරය වෙනුවන් පවත්වන මේ ඉසව්වෙන් ලාභ ඉපයීමේ අරමුණක් නොමැති බවයි.


සටන් පවත්වන සටන් වළල්ල හෙවත් Octagon වේදිකාව ඉදිකිරීම බෙල්ජියම් ජාතික 'Stageco' නම් ඉසව් සංවිධාන සමාගමකින් මේ වන විට ධවල මන්දිර South Lawn පරිශ්‍රයේ අරඹා ඇති අතරම 'The Claw' නමින් හැදින්වෙන මේ Octagon එක උස අඩි 92ක, පළල අඩි 154ක මෙන්ම බර ටොන් 600ක දැවැන්ත  දැවැන්ත වානේ සැකිල්ලකින් යුක්ත බව සඳහන් වේ. 


💰 ඉතිහාසගත ඩොලර් මිලියනයේ ක්‍රිප්ටෝ බෝනස් 


UFC ඉතිහාසයේ තනි තරගාවලියක් සඳහා පිරිනමන විශාලතම බෝනස් මුදල ලෙස Crypto.com ආයතනය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක දැවැන්ත ක්‍රිප්ටෝ බෝනස් මුදලක් ප්‍රකාශයට පත් කර තිබේ. UFC ප්‍රධානී ඩේනා වයිට් විසින් මාධ්‍ය හමුවේදී අනාවරණය කළ පරිදි මෙම ඩොලර් මිලියනය සටන්කරුවන් අතර බෙදී යන්නේ මෙසේය. 

Fight of the Night (හොඳම සටන): මෙම සම්මානය දිනාගන්නා සටන්කරුවන් දෙදෙනා අතර ඩොලර් 600,000ක මුදලක් සමසේ බෙදී යයි.

Performance of the Night (හොඳම දක්ෂතාවය): ඉහළම දක්ෂතා දක්වන සටන්කරුවන් දෙදෙනෙකුට එක් අයෙකුට ඩොලර් 200,000 බැගින් හිමිවේ.

විශේෂත්වය වන්නේ, 2026 වසරේ මුලදී හඳුන්වා දුන් UFC හි සාමාන්‍ය ඩොලර් 100,000 බෝනස් මුදලට (Baseline Post-Fight Bonuses) අමතරව මෙම ඩොලර් මිලියනයේ ක්‍රිප්ටෝ ත්‍යාගය පිරිනැමීමයි.


⚖️ තරඟාවලිය වටා ඇති බරපතල විවේචන

'Public Integrity Project' නම් ස්වාධීන සංවිධානයක් විසින් වොෂින්ටන් ෆෙඩරල් උසාවියේ හදිසි නඩුවක් පවරා ඇත්තේ ජනාධිපතිවරයා තමන් කොටස් හිමිකාරීත්වය දරන UFC මව් සමාගමට (TKO Group) වාසි සැලසීමට රාජ්‍ය දේපල අවභාවිත කරන බව පවසමිනි. රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථානයක් මෙවැනි ලේ වැගිරෙන වෘත්තීය ක්‍රීඩාවකට යොදා ගැනීම පිළිබඳව විපක්ෂය දෝෂාරෝපණය කරයි.

ඒ වගේම ධවල මන්දිරය, ලින්කන් ස්මාරකය අවට ප්‍රදේශයේ මාර්ග වසා තැඹීමට කටයුතු කරන අතර ඇතැම් මාර්ග බ්‍රහස්පතින්දා සිට සඳුදා දක්වා වසා තබන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.


🔥 ප්‍රධාන සටන්වල විස්තර (Bout Details)


1. Ilia Topuria vs Justin Gaethje (Lightweight Championship Unification)

Ilia Topuria සහ Justin Gaethje 

මෙය තරග ඉසව්වේ ප්‍රධානතම සටනවේ (Main Event). අපරාජිත සුපිරි ක්‍රීඩක 'El Matador' හෙවත් Ilia Topuria සහ ඇමරිකානු ප්‍රවේගකාරී ක්‍රීඩක 'The Highlight' හෙවත් ජස්ටින් ගේජ් අතර Lightweight ලෝක ශූරතාවය ඒකාබද්ධ කිරීම සඳහා මෙම සටන පැවැත්වේ. Topuria වර්තමාන Undisputed lightweight champion වන අතර Gaethje interim UFC Lightweight Champion වේ. මේ දෙදෙනා අතර පසුගිය දිනවල සිදු වූ උණුසුම් වචන හුවමාරු සමග තරගය වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි බලාපොරොත්තු විය හැක.



2. Alex Pereira vs Ciryl Gane (Interim Heavyweight Championship)

Co-Main Event එක ලෙස පැවැත්වෙන්නේ වත්මන් UFC හි සුපිරිම තරුවක් වන බ්‍රසීලයේ Alex Pereira සහ ප්‍රංශයේ Ciryl Gane අතරය. ඔවුන් දෙදෙනා Interim Heavyweight ලෝක ශූරතාවය වෙනුවෙන් සටන් වදිනු ඇත.


3. Sean O'Malley vs Aiemann Zahabi (Bantamweight Bout)

UFC හි සිටින සුපිරිම මෙන්ම ප්‍රවේගකාරී Knockout (KO) විශේෂඥයෙකු වන Sean 'Suga' O'Malleyට එරෙහිව තරග වදින්නේ කැනේඩියානු ක්‍රීඩක Aiemann Zahabi ය.


සෙසු තරග

4. Derrick Lewis vs Josh Hokit (Heavyweight Bout)

5. Mauricio Ruffy vs Michael Chandler (Lightweight Bout)

6. Bo Nickal vs Kyle Daukaus (Middleweight Bout)

7. Diego Lopes vs Steve Garcia (Featherweight Bout)


මෙම තරග ඉසව්ව පිළිබඳ පසුගිය වසරේ සඳහන් වෙද්දී, සුපිරි UFC තරුව කෝනර් මැක්ග්‍රෙගර් මේ ඉසව්වට සහභාගි වනු ඇති බවට ඉඟි පළ වූ නමුත්, McGregor නැවත ආගමනය සනිටුහන් කරන Max Holloway සමග සටන පැවැත්වෙන්නේ ජූලි මාසයේදීය.

UFC Freedom 250 හි සටන්කරුවන්ගේ නිල බර මැනීමේ කටයුතු (Weigh-ins) සිකුරාදා රාත්‍රියේ සුප්‍රකට ලින්කන් ස්මාරකය (Lincoln Memorial) අසලදී පැවැත්වීමට නියමිතයි.

හඳුන්වාදුන් නව 'UFC White House
Championship' Belt එක

සජීවීව විකාශය

ඇමරිකාව ඇතුළු කලාපයට සජීවී ප්‍රධාන විකාශනය Paramount+ ඇප් එක සහ වෙබ් අඩවිය ඔස්සේ සිදු කෙරේ.


ප්‍රේක්ෂකයින් සහ ඇතුළත් වීමේ සීමාවන්

ධවල මන්දිර South Lawnහි පැවැත්වෙන මෙම සජීවී තරග ඉසව්ව නැරඹීමට අවස්ථාව හිමිවන්නේ ආරාධිතයින්ට පමණක් වන අතර ඒ සඳහා සුවිශේෂී ප්‍රේක්ෂක ලැයිස්තුවක් නම් කර තිබේ.


ක්‍රියාකාරී සේවයේ නියුතු හමුදා සාමාජිකයින් 1,200කට පමණ නොමිලේ ප්‍රවේශ පත්‍ර වෙන් කරලා තියනවා. නමුත් ඔවුන් පෙන්ටගනය විසින් නියම කරන ලද විශේෂිත ශාරීරික යෝග්‍යතා සුදුසුකම් සපුරා තිබීම අනිවාර්ය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. තවද VIP සහ ප්‍රසිද්ධ පුද්ගලයින්, ප්‍රකට ව්‍යාපාරිකයින්, ආයතනික අනුග්‍රාහකයින්, Celebrities, රාජ්‍ය නිලධාරීන්, ජනාධිපති පවුලේ සාමාජිකයින් සහ ධවල මන්දිරයේ ඉහළ නිලධාරීන් මේ අතරට අයත්ය. 

මහජනතාව සඳහා අවස්ථාව ධවල මන්දිරය තුළට ඇතුළු විය නොහැකි බැවින් අසල පිහිටි Ellipse උද්‍යානයේ දැවැන්ත තිර දමා තරග නැරඹීම සඳහා නොමිලේ ලබාදෙන ප්‍රවේශ පත්‍ර 85,000ක් පමණ නිකුත් කර ඇතැයි පැවසේ.


No comments

Powered by Blogger.