රුමේෂ් ලොව හොඳම 10 අතරට

 

අගෝස්තු 14 දා යාවත්කාලීන වූ ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් අනුව පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ පළමු 10 දෙනා අතරට පිවිසීමට ශ්‍රී ලංකා ජාතික ශූර රුමේෂ් තරංග සමත්ව තිබේ. ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු දස දෙනා අතර පසුවන එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස සැලකේ.

රුමේෂ් දැනට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයේ පසුවන අතර, ඔහු මේ වසරේ ලොව 7 වැනි හොඳම දක්ෂතාව ද සටහන් කිරීමට පසුගියදා සමත් විය. මෙම ශ්‍රේණිගත කිරීම් ක්‍රීඩකයාගේ දක්ෂතා පදනම් කරගෙන ගණනය කෙරේ. රුමේෂ්ට පෙර හෙල්ල විසි කිරීම ජාතික වාර්තාවේ හිමිකරු වූ සුමේධ රණසිංහ ශ්‍රේණිගත කිරීම්වල 29 වැනි ස්ථානයේ පසු වේ.

මීට පෙර ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා, ඔලිම්පික් ජයග්‍රාහක සුසන්තිකා ජයසිංහ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු 5 දෙනා අතරට පැමිණ ඇත. මීට පෙර ලෝකයේ පළමු 20 දෙනා අතරට පැමිණිමට ශ්‍රී ලාංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ද සමත් විය. 


No comments

Powered by Blogger.