ඉතිහාසය අලුත් කළ මොන්ඩෝ 13 වැනි ලෝක වාර්තාව පිහිවුවයි


රිටි පැනීම ඉසව්වේ ලෝක වාර්තා හිමිකරු, සුපිරි ක්‍රීඩක මොන්ඩෝ ඩුප්ලන්ටිස්, බුඩාපෙස්ට්හි පැවති ඉස්ට්වාන් ගුලායි අනුස්මරණ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 6.29ක දක්ෂතාවක් වාර්තා කරමින් 13 වන වරටත් ලෝක වාර්තාව අලුත් කිරීමට සමත් විය. 

ලෝක මලල ක්‍රීඩා මහද්වීපික තරගාවලිමාලාවේ Gold මට්ටමේ තරගාවලියක් වූ මෙහිදී ස්වීඩන් ජාතික ඩුප්ලන්ටිස්ට, ග්‍රීක ජාතික එම්මැනුවෙල් කරාලිස්ගෙන් දැඩි තරගයක් එල්ල විය. දෙදෙනාම සිය පළමු උත්සාහයේදී මීටර් 6.02ක උසක් පැනීමට සමත් වූහ. කෙසේ වෙතත්, කරාලිස් මීටර් 6.11ක උසක් පැනීමට ගත් උත්සාහයන් දෙකක්ම අසාර්ථක වීමෙන් පසු තරගයෙන් ඉවත් විය. නමුත් ඩුප්ලාන්ටිස් එම උස සාර්ථකව පනිමින් 2023 වසරේ ලෝක ශූරතාව දිනාගැනීමේදී ඔහු විසින් පිහිටුවා තිබූ වාර්තාව සෙන්ටිමීටරයකින් අලුත් කිරීමට සමත් විය. 

අනතුරුව ඔහු උස මට්ටම මීටර් 6.29 දක්වා ඉහළ දැමූ අතර එය පසුගිය ජුනි මාසයේ ස්ටොක්හෝම්හිදී ඔහු විසින්ම පිහිටුවා තිබූ ලෝක වාර්තාවට වඩා සෙන්ටිමීටරයකින් වැඩි අගයකි. පළමු උත්සාහය අසාර්ථක වූ නමුත් දෙවන උත්සාහයේදී ඩුප්ලන්ටිස් එම උස සාර්ථකව තරණය කළ අතර ගුලායි අනුස්මරණ තරගාවලියේදී බිහි වූ පළමු ලෝක වාර්තාව ලෙස එය ඉතිහාසයට එක් විය.

Comments