ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සිය අලුත් වේ
සියලුම ක්‍රිකට් තරග ආකෘති සඳහා අලුතින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සි අද (15) එළිදක්වන ලදී. මෙම නව ජර්සි ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා හැකියාව සහ සුවපහසුව වැඩි දියුණු කිරීමේ අරමුණින් උසස් තත්ත්වයේ රෙදි භාවිතයෙන් නිපදවා ඇත. මෙහි නිල අනුග්‍රාහක ලෙස Moose කටයුතු කරයි.
මෙහි විශේෂම අංගය වන්නේ එක්දින ජර්සිය 80 සහ 90 දශකවල ක්‍රිකට් විලාසිතාවන් සිහිගන්වන අයුරේ විලාසිතාවකින් යුක්තව නිර්මාණය කර තිබීමය. ටෙස්ට් ජර්සිය සම්ප්‍රදායික සුදු පැහැයෙන් නිර්මාණය කර ඇති අතර විස්සයි විස්ස ජර්සිය දීප්තිමත් කහ පසුබිමකින් යුතුව නිපදවා ඇත.
මෙම නව එක්දින සහ විස්සයි විස්ස නිල ඇඳුම්, එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරයේදී පළමු වරට ක්‍රීඩකයින් විසින් භාවිතා කිරීමට නියමිතය. නව ටෙස්ට් නිල ඇඳුම නිමා වූ බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී භාවිත කරන ලදී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී, ඇෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, මෙම නව ජර්සි කණ්ඩායමේ උරුමය, ක්‍රීඩා හැකියාව සහ ජාතික අභිමානය පිළිබඳ පරිපූර්ණ සම්මිශ්‍රණයක් බවයි.

Post a Comment