ශ්‍රී ලංකාව 20න් පහළ ආසියානු රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට



ඉන්දියාවේ බිහාර්හිදී ආරම්භ වූ ආසියානු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනය වූ අද (9) ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට අති සාර්ථක දිනයක් විය. A කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරග තුනම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මෙන්ම පහසුවෙන් කුසලාන ශූරතා අවසන් පූර්ව වටයට (Cup Championship - Semi Final) සුදුසුකම් ලැබීමට සමත් විය.






අද දින පැවති තරගවල ප්‍රතිඵල :


පළමු තරගය : ශ්‍රී ලංකාව 24-19 හොංකොං

දෙවන තරගය : ශ්‍රී ලංකාව 24-05 ඉන්දියාව 

තෙවන තරගය : ශ්‍රී ලංකාව 26-24 එක්සත් අරාබි එමීර් රාජ්‍යය 


තරගාවලියේ දෙවන සහ අවසන් දිනය හෙට පැවැත්වේ.


No comments

Powered by Blogger.