යෙවාන් ඩේවිඩ් Formula 3 සමගින් ඉතිහාසගත වේ


ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ක්‍රීඩක යෙවන් ඩේවිඩ්, 2026 FIA Formula 3 තරගාවලිය සඳහා AIX Racing කණ්ඩායම සමඟ ගිවිසුම්ගතව ඇත. මේ අනුව, FIA Formula 3 තරගාවලියට සහභාගී වන පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු ඉතිහාසයට එක් වනු ඇත.

වර්තමානයේ Euroformula Open ශූරතාවලියේ තරග කරන යෙවාන්, මේ වන විටත් පළමු ස්ථාන ජයග්‍රහණ 4ක් ඇතුළු ජයග්‍රහණ 5ක් ලබා තරගාවලියේ දෙවැනි ස්ථානයේ පසු වේ. ඊට අමතරව, ඔහු GB3 තරගාවලියේදී හොඳම 10 දෙනා අතරට පැමිණීමට ද පසුගිය සතියේදී සමත් විය.

තවමත් 18 හැවිරිදි යෙවාන් ඩේවිඩ්, මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින්, "FIA Formula 3 තරගාවලියේ තරග වදින පළමු ශ්‍රී ලාංකිකයා වීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. AIX Racing කණ්ඩායම සමඟ එක්ව මේ ඉදිරි තරග වාරය සාර්ථක කර ගැනීමට මම බලාපොරොත්තු වෙනවා." යනුවෙන් සඳහන් කළේය.

Comments