ආසියානු 20න් පහළ සත් සාමාජික රග්බි අනුශූරතාව ශ්‍රී ලංකා කණ්ඩායමට


ශාහිඩ් සුම්රිගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි කණ්ඩායම, ආසියානු ශූරතාවලියේ අනුශූරතාව දිනා ගැනීමට සමත් විය. ඉන්දියාවේ බිහාර්හි පැවති මේ තරගාවලියේදී, ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගය දක්වා අපරාජිතව පැමිණීම විශේෂත්වයකි.

මූලික වටයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් හොංකොං, සත්කාරක ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් පරාජය කරන ලදි. අවසන් පූර්ව වටයේදී ලකුණු 26-17ක් ලෙස චීනය පරාජය කරමින්, අවසන් මහා තරගයට පිවිසීමට ඔවුන්ට හැකි විය.

කෙසේ වෙතත්, අවසන් මහා තරගයේදී හොංකොං කණ්ඩායම හමුවේ ලකුණු 33-0ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. තරගයේ පළමු අර්ධයේදී ලකුණු 19ක් සහ දෙවන අර්ධයේදී තවත් ලකුණු 14ක් ලබා ගත් හොංකොං කණ්ඩායම, මේ අනුව ශූරතාව දිනා ගැනීමට සමත් විය.

Comments