රුමේෂ් තරංගගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්. ලෝක ශූරතාවලියට සෘජු සුදුසුකම්
ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීම ක්‍රීඩක රුමේෂ් තරංග මීටර් 86.50ක අති විශිෂ්ට දක්ෂතාවක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබේ. මෙම දක්ෂතාව හේතුවෙන් ඔහු ඔහු මෙම වසරේ සැප්තැම්බර් මස පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබා ගත්තේය.
මෙම සුවිශේෂී ජයග්‍රහණය, ඉන්දියාවේ භුබනේශ්වර් හි පැවති ලෝක මලල ක්‍රීඩා මහද්වීපික සංචාරයේදී (World Athletics Continental Tour – Bronze) අද (10) වාර්තා විය. තරගයේ පළමු උත්සාහයේදීම රුමේෂ් විසින් මෙම දක්ෂතාව දක්වා, ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට මෙන්ම රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. මෙම දක්ෂතාව, 2025 වසරේ ලොව හත්වන හොඳම දක්ෂතාව ලෙස ද වාර්තා අතරට එක් වී තිබේ.
එමෙන්ම, මෙම තරගයේදී බිඳ වැටුණු ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකරු වූ සුමේධ රණසිංහ අනර්ඝ දක්ෂතාවක් දක්වමින් මීටර් 80.65ක දුරක් වාර්තා කර ලෝකඩ පදක්කම දිනා ගැනීම ද විශේෂත්වයකි. ඔවුන් දෙදෙනාම සැප්තැම්බර් මස ජපානයේදී ලෝක ශූරතාව සඳහා තරග කිරීමට නියමිතය.
Comments
Post a Comment