ශ්‍රී ලංකා 23න් පහළ පාපන්දු කණ්ඩායමට ඓතිහාසික ජයග්‍රහණයක්
ඓතිහාසික Lusail ක්‍රීඩාංසගණයේ පැවති මෙම තරගයේදී, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පෙන්වූ සටන්කාමීත්වය සහ නොසැලෙන කැපවීම ප්‍රශංසනීය විය. තරගයේ පළමු අර්ධයේදී කටාර් කණ්ඩායම ගෝලයක් ලබා ගනිමින් පෙරමුණ ගත්තේය.
දෙවන අර්ධයේදී ශ්‍රී ලංකා කණ්ඩායම, සිය උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස දඬුවම් පහරක් දිනා ගැනීමට සමත් විය. එම අවස්ථාව විශිෂ්ට ලෙස භාවිත කළ ශ්‍රී ලංකා ක්‍රීඩක රාහුල් සුරේෂ් සාර්ථකව පන්දුව දැල තුළට යොමු කරමින් තරගය සම කළේය.
මෙම තරගය වයස අවුරුදු 23න් පහළ ආසියානු කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සූදානම් වීමට කටාර් පුහුණු කඳවුරකට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා පුහුණු තරගයක් ලෙස පැවත්වුණු අතර දෙවන පුහුණු තරගය සිරියාව සමග 29 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතය.

Post a Comment