ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය කවිඳු පෙරේරාට
ආසියානු රග්බි සත් සාමාජික තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නිවේදනය කර ඇති අතර ක්‍රීඩකයන් 23දෙනකුගෙන් සමන්විත කණ්ඩායමේ නායකත්වය කවිඳු පෙරේරාට හිමිව ඇත. විද්‍යාර්ථ විද්‍යාලයීය ආදි සිසුවකු වන කවිඳු වර්තමානයේ මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරයි.
මෙම තරගාවලිය අදියර දෙකකින් සමන්විත වේ. පළමු අදියර ලබන සැප්තැම්බර් මස 20 සහ 21 චීනයේ හැන්ග්සොව් විශ්වවිද්‍යාල පිටියේදී පැවැත්වෙන අතර දෙවන අදියර ඔක්තෝබර් මස 18 සහ 19 කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශම්ලි නවාස් කටයුතු කරන අතර රවීව් පෙරේරා සහාය පුහුණුකරු ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා සංචිතය:
කවිඳු පෙරේරා (නායක), ආකාශ් මදුශංක, ඩිලාන් ඒකනායක, ජනිඳු විජේරත්න, යෙහාන් බුලත්සිංහලගේ, ජයතු රාජරත්න, නලින් දේශප්‍රිය, රවිඳු හෙට්ටිආරච්චි, ගයාන් පෙරේරා, ලහිරු තිලකරත්න, මොහොමඩ් රිෆාන්, කලණ චමුදිත, ආරොන් කොරියා, දෙවින්ද රත්නායක, නිස්රාන් නිලාර්, හෙෂාන් ජැන්සන්, විෂෙන්ක සිල්වා, දනුෂ් දංගේ, චතුර සොයිසා, ශාහිඩ් සුම්රි, සුරංග තෙන්නකෝන්, ජනිත් මරසිංහ, ශෂික ප්‍රනාන්දු

Post a Comment