ශ්‍රී ලංකා පාපන්දු ප්‍රභලයන් මාලදිවයින් තරගයෙන් විවේක ගැන්වේ

 ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් වන ක්ලෝඩියෝ කම්මර්ක්නෙච්ට්, ජැක් හින්ගර්ට් සහ වේඩ් ඩෙකර් මාලදිවයිනට එරෙහි සැප්තැම්බර් මස පැවැත්වෙන සුහද තරගාවලියෙන් විවේක ගන්වා තිබේ. ඔක්තෝමබර් මස පැවැත්වීමට නියමිත තුර්ක්මෙනිස්තානයට එරෙහි ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තීරණාත්මක පාපන්දු තරගය සඳහා ක්‍රීඩකයින්ගේ උපරිම යෝග්‍යතාවය පවත්වා ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම ක්‍රීඩකයින් තිදෙනාම ජාතික කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයින් වන බැවින් ඔවුන්ගේ සේවය තුර්ක්මෙනිස්තාන තරගයේදී අතිශය වැදගත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම උපායශීලී විවේක ගැන්වීම කණ්ඩායමේ ජයග්‍රාහී ගමනට තීරණාත්මක වනු ඇතැයි විශ්වාස කෙරේ.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තරග දෙකකින් සමන්විත තරගාවලිය සැප්තැම්බර් 6 සහ 9 දිනවල කොළඹ තුරඟ තරග පිටියේදී ක්‍රීඩා කරනු ඇත.

No comments

Powered by Blogger.