පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේ පදක්කම් දඩයමක්
ඉන්දියාවේ අහමදාබාද් නගරයේ ඊයේ (25) ආරම්භ වූ පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගැනීමට සමත් විය.
තරගාවලියේ පළමු දිනයේ දී දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන් දිනාගත් පදක්කම් මෙසේය:
- පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියෙන් සමස්ත කිලෝග්‍රෑම් 173ක් එසවීමට සමත් වූ හිමාශ් තරුෂ රිදී පදක්කම දිනා ගත්තේය.
- පිරිමි කිලෝ ග්‍රෑම් 65 බර පන්තියෙන් කිලෝග්‍රෑම් 225ක් එසවීමට සමත් වූ වෙනුර කාරියවසම් රිදී පදක්කමක් හිමි කර ගත්තේය.
- අනෝශ් අශේන් පිරිමි කිලෝ ග්‍රෑම් 65 බර පන්තියේදී සමස්ත කිලෝග්‍රෑම් 219ක් එසවීමට සමත් වෙමින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
- යෂිනි චමෝද්‍යා කාන්තා කිලෝ ග්‍රෑම් 44 බර පන්තියෙන් සමස්ත කිලෝග්‍රෑම් 104ක් එසවීමට සමත් වෙමින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.
- ඉසුරු කුමාර පිරිමි කිලෝ ග්‍රෑම් 60 ජ්‍යෙෂ්ඨ අංශයේ සමස්ත බර කිලෝග්‍රෑම් 249ක් එසවීමට සමත් වෙමින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
- නිපුන් ශෙහාර පිරිමි කිලෝ ග්‍රෑම් 60 කනිෂ්ඨ අංශයේ සමස්ත කිලෝග්‍රෑම් 210ක් එසවීමට සමත් වෙමින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
අද (26) දින තරගාවලියේ දෙවැනි දිනය වන අතර තරගාවලිය 30 වැනිදා දක්වා පැවැත්වේ.
Comments
Post a Comment