වෙස්ලි විද්‍යාලයට ඉතිහාසගත බ්ලේස් කුසලාන ජයක්
කොළඹ CR & FC පිටියේදී ලකුණු 46-10ක් ලෙස මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය පරාජය කරමින් පිට පිට සිව්වන වතාවට එල්.ඊ. බ්ලේස් කුසලානය දිනා ගැනීමට වෙස්ලි විද්‍යාල රග්බි කණ්ඩායම සෙනසුරාදා (16) සමත් විය. මෙය වෙස්ලි විද්‍යාලය අඛණ්ඩව සිව්වරක් බ්ලේස් කුසලානය දිනාගත් ප්‍රථම අවස්ථාව වන අතර සමස්තයක් වශයෙන් පැවැති තරග 39කදී ඔවුන් ලැබූ 10වැනි ජයග්‍රහණයයි.
මෙම තරගයේදී 1998 වසරේ බ්ලේස් කුසලාන ජයග්‍රාහී වෙස්ලි නායක අසංක ගම්මන්පිලගේ පුත් සඳුල් ගම්මන්පිල වෙස්ලි පිලට නායකත්වය ලබාදුන් අතර, ඉතිහාසයේ ප්‍රථම වරට පිය-පුතු දෙපළක් බ්ලේස් කුසලානය දිනාගැනීමට සමත් විය.
වෙස්ලි විද්‍යාලයේ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව හමුවේ පළමු අර්ධය අවසන් වන විට වෙස්ලි විද්‍යාලය ලකුණු 26-03ක් ලෙස ඉදිරියෙන් සිටියේය. දෙවන භාගයේදී කිංග්ස්වුඩ් වෙනුවෙන් සචින්ත නවීෂ උත්සාහක දිනුමක් වාර්තා කළ නමුත් වෙස්ලි විදයාලය තරගයේ ජය හිමිකර ගැනීමට සමත් විය.
Comments
Post a Comment