පළමු ශූරතාවෙන්ම රුමේෂ්ට ලොව 7වැනි ස්ථානය
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක සුමේෂ් තරංග, ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් මහා තරගයේදී විශිෂ්ට දක්ෂතා දක්වමින් ලෝකයේ 7 වැනියා ලෙස ඉහළ ස්ථානයකට පත්විය. මෙය ඔහුගේ පළමු ලෝක ශූරතා තරගාවලිය වීමත්, ශ්‍රී ලංකාවෙන් මෙවැනි තරගයක අවසන් තරගයකට සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩකයා වීමත් සුවිශේෂී කරුණකි.
මෙම අවසන් තරගය ඔලිම්පික් රන් පදක්කම් 3ක් ඇතුළුව ඔලිම්පික් පදක්කම් 5ක්, ලෝක ශූරතා රන් පදක්කම් 4ක් ඇතුළුව ලෝක ශූරතා පදක්කම් 9ක් දිනාගත් ලෝකයේ ප්‍රබලතම ක්‍රීඩකයන්ගෙන් සමන්විත විය. නමුත් මෙම අභියෝගාත්මක තත්ත්වය හමුවේ වුවද රුමේෂ් මීටර් 84.38ක දක්ෂතාවක් දක්වමින් ඔලිම්පික් හා ලෝක ශූරතා රන් පදක්කම්ලාභී ඉන්දීය ක්‍රීඩක නීරජ් චොප්රාට සහ ඔලිම්පික් රන් පදක්කම්ලාභී පාකිස්තානයේ අර්ශද් නදීම්ටත් ඉහළින් තරගය නිම කිරීමට සමත් විය.
'ආසියාවේ කළු වෙළඹ' ලෙස විරුදාවලිය ලත් සුසන්තිකා ජයසිංහගෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රබලතම මලල ක්‍රීඩා බලාපොරොත්තුව බවට පත්ව සිටින තවමත් 22 හැවිරිදි රුමේෂ්, නිසි සහාය හිමි වුවහොත් අතර වසර 18ක ලෝක ශූරතා පදක්කම් නියඟයට සහ වසර 25ක ඔලිම්පික් පදක්කම් නියඟයට තිත තබන්නට ඔහුට හැකියාව ඇතැයි ක්‍රීඩා විචාරකයෝ විශ්වාස කරති.
Comments
Post a Comment