ශ්‍රී ලංකාව සත් සාමාජිත ආසියානු රග්බි ශූරතාවේ කුසලාන අවසන් පූර්ව වටයට
චීනයේ හැංසෝහි පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලියේ පළමු වටයේදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම විශිෂ්ට දස්කම් දක්වමින් කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අද (20) සමත් විය.
මූලික වටයේ ඔවුන්ගේ පළමු තරගයේදී ජපානයට එරෙහිව ලකුණු 07-38ක් ලෙස පරාජය වුවද, අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණ දෙකක් වාර්තා කළේය. ඔවුන් තායිලන්තය 24-07ක් ලෙසත්, සිංගප්පූරුව 34-07ක් ලෙසත් පරාජය කරමින් තමන්ගේ B කාණ්ඩයේ දෙවැනි ස්ථානය තහවුරු කර ගත්තේය.
පිරිමි කණ්ඩායමේ තරග ප්‍රතිඵල:
ශ්‍රී ලංකාව 🇱🇰 07 - 38 ජපානය 🇯🇵
ශ්‍රී ලංකාව 🇱🇰 24 - 07 තායිලන්තය 🇹🇭
ශ්‍රී ලංකාව 🇱🇰 34 - 07 සිංගප්පූරුව 🇸🇬
අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (21) ප්‍රභල හොංකොං කණ්ඩායම සමග උදෑසන 11.10ට තරග කිරීමට නියමිතය. අනෙක් අවසන් පූර්ව තරගය චීනය සහ ජපානය අතර පැවැත්වේ.
මේ අතර ශූරතාවලියේ කාන්තා අංශයේ තරග වැදුණු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටයේ තරග තුනම පරාජයට පත් විය. ඒ අනුව, ඔවුන් හෙට දිනයේදී තරග වදින්නේ 9 වන සහ 10 වන ස්ථාන සඳහා වන අවසන් පූර්ව තරගයේදීය. ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම වන ඉන්දුනීසියාව සමග තරගය හෙට උදෑසන 7.52ට ආරම්භ වීමට නියමිතය.
Comments
Post a Comment