පැතුම් කඩඉමක් අබියස


ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම විස්සයි විස්ස ලකුණු 2,000 රැස් කළ ක්‍රීඩකයා බවට පත් වීම සඳහා පැතුම් නිස්සංක හට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 146ක් පමණි. මේ වන විට පැතුම් තරග 65ක ඉනිම් 64කදී ලකුණු 1,854ක් රැස් කිරීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම විස්සයි විස්ස ලකුණු 2,000 රැස් කළ ක්‍රීඩකයා කුසල් ජනිත් පෙරේරා වනා අතර ඔහු ඉකුත් ජනවාරි මස නවසීලන්තයේදී එම කඩඉම පසු කළේ ඉනිම් 76කදීය. කුසල් මෙන්ඩිස්ට ඒ සඳහා ඉනිම් 80 වැය විණි.

පැතුම් අද (3) ආරම්භවන සිම්බාබ්වේ තරගාවලියේ පළමු තරගයේදී ලකුණු 2,000 සම්පූර්ණ කළහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම විස්සයි විස්ස ලකුණු 2,000 රැස් කළ ක්‍රීඩකයා බවට මෙන්ම ලොව වේගවත්ම 9වැනි ක්‍රීඩකයා බවට පත් වේ. එමෙන්ම ඔහු මෙම තරගාවලිය තුළදී, එනම් ඉනිම් තවත් ඉනිම් 3ක් තුළදී, ලකුණු 2,000 සම්පුර්ණ කළහොත් ඔහුට මාර්ටින් ගප්ටිල් පසුකරමින් ලොව වේගවත්ම 10වැනි ක්‍රීඩකයා බවට පත්වීමට හැකි වේ.

මෙම වේගවත්ම ලකුණු 2,000 සම්පූර්ණ කළ ලැයිස්තුවේ පළමු ස්තානය බාබර් අසාම්ට (ඉනිම් 52) හිමිවී ඇති අතර දෙවැනි ස්තානය මොහොමඩ් රිස්වාන්ට (ඉනිම් 52) හිමිව ඇත.

Comments