World Athletics Championship එක පටන් ගත්තේ ඔලිම්පික්වලට රිද්දන්නද?
මුල්ම කාලේ ක්‍රීඩකයන්ට World Championship කියලා එකක් තිබුණේ නැහැ. තිබ්බෙ ඔලිම්පික් විතරයි. සරලම කිව්වොත් 1976ට කලින් World Championsලා හිටියෙ නැහැ. හිටියෙ ඔලිම්පික් Championsලා විතරයි. ඉතින් 1976දි ඔලිම්පික් තියෙන්නේ කැනඩාවෙ මොන්ට්‍රියල් නගරය කේන්ද්‍ර කරගනිමින්. මේ ඔලිම්පික් එකේදි සංවිධායකයන් තීරණය කරනවා 1932 ඉඳන් ඔලිම්පික් උළෙලවල තිබ්බ තරග ඉසව්වක් මේ මොන්ට්‍රියල් ඔලිම්පික් තරගාවලියෙන් ඉවත් කරන්න. ඒ තමයි කිලෝමීටර් 50 පිරිමි ඇවිදීමේ තරගය. මේකට හේතු වෙන්නෙ මේ ඉසව්වෙ කාන්තා තරගයක් නොමැති වීම. කාන්තා ඉසව්වක් නොමැති වීමෙන් තරගාවලියෙ ස්ත්‍රී, පුරුෂ සමානාත්මතාව බිඳ වැටෙනවා කියලා තමයි මේ පියවර ගන්න හේතු වෙන්නෙ.
මේ වැඩේට ලෝක මලල ක්‍රීඩා ආයතනයට, එහෙම් නැත්තම් ඒකාලෙදි International Association of Athletics Federations විදියට හඳුන්වපු IAAF එකට නම් එච්චර සතුටු වෙන්නෙ නැහැ. ඉතින් මෙයාල දැඩි තීරණයක් ගන්නවා. ඔලිම්පික් වලින් මාස එකහමාරකට පස්සේ ස්වීඩනයේ මල්මෝවලදි IAAF එක, තමන්ගෙම ශූරතාවක් පවත්වනවා. ඒ තමයි මුල්ම World Championship එක. හැබැයි මේකෙදි තියෙන්නේ මොන්ට්‍රියල් ඔලිම්පික්වලින් ඉවත් කරපු කිලෝමීටර් 50ක් පිරිමි ඇවිදීමේ තරග ඉසව්ව විතරයි. නමුත් මේ World Championship එක ඔලිම්පික් වගේම අවුරුදු හතරෙන් හතර අඛණ්ඩව පවත්වන්න ඕන කියලා IAAF එක තීරණය කරනවා.
ඔන්න ඉතින් අවුරුදු හතරකින් එනවා 1980 මොස්කව් ඔලිම්පික් එක. මේ ඔලිම්පික් එකට කිලෝමීටර් 50ක් පිරිමි ඇවිදීමේ තරග ඉසව්ව තියෙනවා. නමුත් එහෙම වුණා කියලා IAAF එක ගත්තු තීරණය වෙනස් කරන්නෙ නැහැ. එයාලා නෙදර්ලන්තයේ සිටඩ්වලදි කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීම සහ කාන්තා මීටර් 3,000 ඉසව් දෙක එක්ක දෙවෙනි World Championship එක පවත්වනවා.
ඔන්න ඊළඟට අවුරුදු 3කින් මෙයාලා ලොකු පිම්මක් ඉස්සරහට තියෙනවා. ඒ තමයි World Championship එකට සියලු තරග ඉසව් ඇතුළත් කරන එක. ඉතින් 1983දි ෆින්ලන්තයේ හෙල්සින්කි වල සියලු ඉසව් සහිතව පළමු නිල World Championship පැවැත්වෙනවා.
ඉතින් ඔන්න ඔහොම තමයි එක ඉසව්වකට කරපු පුංචි නොසලකා හැරීමක් නිසා World Athletics Championship එක පටන් ගන්නෙ වගේම ලෝකෙට World Championsලා බිහි වීම ආරම්භ වෙන්නෙ.
Comments
Post a Comment