ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ඔස්ට්‍රේලියාවෙන් පැමිණි අක්කා නගෝ දෙපළ
හෙට ශ්‍රී ලංකාවේදී ආරම්භ වන එමිරේට්ස් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සඳහා සුදුසුකම් ලබා සිටින නිරායා සහ ලියාරා දෙදෙනාම එකට එක්ව ශ්‍රී ලංකාව නියෝජනය කරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ඔවුන් දෙදෙනාගේ ඔස්ට්‍රේලියානු සහ ජාත්‍යන්තර තලයේ අත්දැකීම්, අවසන් අදියරට තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල වාසියක් එක් කරනු ඇත.
පසුගිය මාසයේ චීනයේ හැංෂෝ හි පැවති පළමු අදියර තරගාවලියේදී ලියාරා ජයසිංහ ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර මෙවර තරගාවලිය නිරායාගේ මංගල තරගාවලිය වනු ඇත.
ඕස්ට්‍රේලියානු පිටියේ දස්කම්
නිරායා ජයසිංහ නව සවුත් වේල්ස් (New South Wales) සහ Combined Schools කණ්ඩායම් නියෝජනය කර ඇති අතර, වසර තුනක පළමු පෙළ රග්බි අත්දැකීම්වලින් සමන්විතය. ඊට අමතරව, නිරායා සැමෝවා ජාත්‍යන්තර සෙවන්ස් තරගාවලියේද ක්‍රීඩා කර ඇත.
ලියාරා ජයසිංහදටද වසර තුනක පළමු පෙළ රග්බි අත්දැකීම් ඇත. මීට අමතරව, ලියාරා වසර දෙකක් පුරා University Nationals තරගාවලියේ ශූර සිඩ්නි සරසවි කණ්ඩායම නියෝජනය කර ඇත.
කොළඹදී පැවැත්වෙන අවසන් මහා තරගාවලිය
එමිරේට්ස් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර හෙට සහ අනිද්දා (ඔක්තෝබර් 18 සහ 19) දිනවල කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය. චීනයේ හැංෂෝ හි පැවති පළමු අදියරෙන් පසුව, ආසියාවේ ශූරයන් තීරණය කරන සහ ලෝක රග්බි HSBC SVNS Division 3 වෙත පිවිසෙන කණ්ඩායම් තෝරා ගන්නා මෙම තීරණාත්මක තරගාවලියට ආසියාවේ ප්‍රමුඛතම සත් සාමාජික රග්බි කණ්ඩායම් 24ක් (පිරිමි සහ ගැහැණු 12 බැගින්) සහභාගි වේ.
තරගාවලිය පිළිබඳ සහ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා සංචිත සඳහා මෙතනින් පිවිසෙන්න
Comments
Post a Comment