සත්සාමාජික රග්බි විශිෂ්ට දස්කම් සමග ශ්‍රී ලංකාවට ආසියාවේ තෙවන තැන

2025 එමිරේට්ස් ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර වූ ශ්‍රී ලංකා තුරඟ තරග පිටියේ පැවති තරගාවලියේදී, ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම කැපී පෙනෙන දස්කම් දක්වමින් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (18) සිය පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම උස්බෙකිස්තානය ලකුණු 26-14ක් ලෙස පරාජය කරමින් ශක්තිමත් ආරම්භයක් ලබා ගත්තේය. එදිනම පැවති දෙවන තරගයෙන් ශ්‍රී ලංකාව, සිංගප්පූරුව ලකුණු 22-05ක් ලෙස පහසුවෙන් පරාජය කිරීමට සමත් වූ අතර, එහිදී කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක සූරිගේ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් පළමු දිනය සාර්ථක ලෙස නිමා කිරීමට හැකි විය.

ඊයේ රාත්‍රියේම පැවැත්වීමට නියමිතව තිබූ තෙවන තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අද (19) උදෑසනට කල් දැමුණු අතර, එහිදී ශ්‍රී ලංකාව චීනය පුදුම කරමින් ලකුණු 34-07ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළේය. මෙම ජයග්‍රහණ සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම 'C' කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් අපරාජිතව මූලික වටය අවසන් කිරීමට සමත් විය.


කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රබල ජපානය සමඟ ප්‍රභල සටනකට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 12-15ක් ලෙස පරාජයක් ලැබූ නමුත් විශිෂ්ට සටනක් ලබා දුන්නේය.

අනතුරුව පැවති තෙවන ස්ථානය සඳහා වූ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 19-14ක් ලෙස යළිත් චීනය පරාජය කරමින් තෙවන ස්ථානය තහවුරු කළේය. චීනයේ පැවති තරගාවලියේ පළමු අදියරේදී චීනය විසින් ශ්‍රී ලංකාව පරාජය කර තෙවන ස්ථානය දිනාගෙන තිබීම නිසා මෙම ජයග්‍රහණය ශ්‍රී කණ්ඩායමට සුවිශේෂී විය.

මෙම විශිෂ්ට දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකාව තරගාවලියේ දෙවන අදියරේ තෙවන ස්ථානය හිමිකර ගත් අතර, සමස්ත තරගාවලියේදී චීනය සමඟ සම තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

ඉන්දුනීසියාව පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට 11වැනි ස්ථානය හිමි විය.


Results Summary 

Day 1 (October 18th)

  • Match 1 : Sri Lanka 🇱🇰 26 – 14 🇺🇿 Uzbekistan (Win)

  • Match 2 : Sri Lanka 🇱🇰 22 – 05 Singapore (Win)

Day 2 (October 19th)

  • Match 3 : Sri Lanka 🇱🇰 34 – 07 China (Win)

(Finished 1st in Group C, undefeated)

  • Cup Semi-Final 1 : Sri Lanka 🇱🇰 12 – 15 Japan (Loss)

  • 3rd Place Match : Sri Lanka 🇱🇰 19 – 14 China (Win)




No comments

Powered by Blogger.