Euroformula දිනූ සිංහ පෝතකයා Formula 3 ධාවන පථයට
ශ්‍රී ලංකාවේ යොවුන් මෝටර් රථ ධාවන ශූර 18 හැවිරිදි යෙවාන් ඩේවිඩ් පසුගිය සති අන්තයේදී යුරෝෆෝමියුලා විවෘත (Euroformula Open) ශූරතාවලියේ සමස්ත අනුශූරතාව (Vice Champion) දිනාගත්තේය. එමෙන්ම ඔහු නැගී එන හොඳම ක්‍රීඩකයා සඳහා හිමිවන Rookie ශූරතාව දිනා ගත්තේ එම දක්ෂතාව දැක්වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙසයි. මෙම දක්ෂතා හේතුවෙන් ඔහු FIA Formula 3 ශූරතාවලියට සුදුසුකම් ලැබූ අතර එළැඹෙන වසරේදී AIX Racing සමග Formula 3 සඳහා තරගකරමින් එම අවස්ථාව ලද පළමු ශ්‍රී ලාංකිකයා බවට ද පත් වනු ඇත.
Team Motopark සමග යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියේ තරග කළ යෙවාන් Monza ධාවන පථයේ පැවති ශූරතාවලියේ අවසන් අදියරේදී දෙවන තරග වටයේදී දෙවන ස්ථානයට පත්වූ අතර, තෙවන තරගය ජයග්‍රහණය කළේය. ඒ අනුව, යෙවාන් ශූරතාවලියේ තරග 6ක ප්‍රථම ස්ථාන දිනා ගනිමින් කැපේ පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කළේය.
ඔහු 2026 වාරය සඳහා AIX Racing කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී ඇති අතර, එය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. යෙවාන් පසුගිය අගෝස්තු මසදී මහා බ්‍රිතාන්‍යයේ GB3 තරගාවලියට තරග කරමින් පළමු 10 දෙනා අතරට ද පැමිණියේය.
Comments
Post a Comment