හොංකොං සික්සස් ශූරතාවට ශූරයෝ යළි ලහිරු සමගින් සැරසේ
2025 හොංකොං සික්සස් ක්‍රිකට් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කළ අතර පසුගිය වසර ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලහිරු මධුශංකට මෙවරද නායකට්ව්හය හිමිව ඇත.
පසුගිය වසරේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සඳුන් වීරක්කොඩි හැරුණු කොට සියලු ක්‍රීඩකයන් මෙවරද කණ්ඩායමට නම් කර ඇත. මෙවර මොවින් සුබසිංහ ද අතිරේක ක්‍රීඩකයකු ලෙස නම් කර ඇත.
ශූරතාවලිය නොවැම්බර් 7 වන දා සිට 9 වන දා දක්වා හොංකොං හි ටින් ක්වොන්ග් රෝඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
සම්පූර්ණ ශ්‍රී ලංකා සංචිතය පහත පරිදි වේ:
ලහිරු මධුශංක (නායක)
ධනංජය ලක්ෂාන්
තනුක දාබරේ
නිමේෂ් විමුක්ති
ලහිරු සමරකෝන්
තරිඳු රත්නායක
සචිත ජයතිලක
මොවින් සුබසිංහ (අතිරේක)

Post a Comment