"දසුන් නායකයා වුණේ අපේ Backup Plan එක නිසයි" - උපුල් තරංග

හිටපු විස්සයි විස්ස නායක දසුන් ශානක නැවත විස්සයි විස්ස උප නායකයා කිරීම දක්ෂතා අතර නොසිටි නිත්‍ය නායක චරිත් අසලංක සඳහා Backup Plan එක ලෙස ගත් තීරණයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග අද (26) පැවැසුවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. එමෙන්ම චරිත් අසලංක දිගින් දිගටම අවසන් තරග 10ක පමණ දක්ෂතා අතර නොසිටීම සහ ඔහු ඉදිරියටත් දක්ෂතා දැක්වීමට අපොහොසත් වුවහොත් ‍යන අවධානම මත මෙම දසුන් නැවත උප නායක ලෙස පත් කළ බව ඔහු පැවසුවේය. 

කෙසේ වෙතත් චරිත් ලංකාවට පැමිණීමට ඔහුගේ උණ රෝගී තත්ත්වය හේතු වූ බව ද, චරිත් කණ්ඩායමෙන් ඉවත් කළ නොමැති බවත්, ඔහු විස්සයි විස්ස ලෝක කුසලාන කණ්ඩායමේ සහ සැලසුම්වල සිටින බවත් තරංග පැවසුවේය.

No comments

Powered by Blogger.