ඩුබායි රග්බි අනුශූරතාව ඒකනායකගේ ඔස්ට්‍රේලියා කණ්ඩායමට
තරගාවලියේ අවසන් මහා තරගය ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැත්විණි. තරගය ආරම්භයේ සිට දැඩි තරගයක් පැවති අතර පළමු අර්ධයේ නවසීලන්තය ලකුණු 12ක් රැස් කරද්දී, ඔස්ට්‍රේලියාව ලකුණු 5ක් රැස් කළේය. අනතුරුව දෙවන අර්ධයේදී නවසීලන්තය තවත් ලකුණු 14ක් රැස් කිරීමට සමත් වූ අතර ඔස්ට්‍රේලියා ක්‍රීඩකයන් ප්‍රභල අභියෝගයක් එල්ල කළ නමුත් ඔවුනට දෙවන අර්ධයේ රැස් කිරීමට හැකි වූයේ ලකුණු 17ක් පමණි. ඒ අනුව තියුණු තරගයකින් පසු ලකුණු 4ක පරතරයකින් ලකුණු 26-22ක් ලෙස ජයග්‍රහණය කරමින් ශූරතාව දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩාම සමත් විය.
ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයකු වන කුමා ඒකනායකගේ පුත්‍රයා වන ඒඩ්න් ඔස්ට්‍රේලියාවේදී උපත ලද අතර රග්බි ක්‍රීඩාවට යොමු වූ ඔහු, පසුගිය වසරේ දෙසැම්බර් මස ඩුබායි හිදී පැවති HSBC සත් සාමාජික රග්බි තරගාවලියේදී ඔස්ට්‍රේලියා සත් සාමාජික රග්බි කණ්ඩායම පළමු වරට නියෝජනය කිරීම සඳහා වරම් දිනා ගත්තේය.
අනතුරුව දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් තරගාවලිය සහ ඔස්ට්‍රේලියාවේ පර්ත් තරගාවලිය සඳහා ද ඔස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කිරීමට ඒඩ්න් සමත් වූ අතර පර්ත් තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ඒඩ්න් ඒකනායක ඇතුළු කණ්ඩායම සමත් විය. එහිදී කණ්ඩායමේ ප්‍රභල සාමාජිකයකු වූ ඒඩ්න් අවසන් පූර්ව තරගයේ තීරණාත්මක මොහොතකදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඔස්ට්‍රේලියා පිල වෙනුවෙන් ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කරමින් කණ්ඩායම අවසන් මහා තරගයට ගෙන යාමට සමත් විය.
සිය දක්ෂතා සමගින් ඒඩ්න්, 2025 වසරේ සත් සාමාජික රග්බි සම්මාන සඳහා නිර්දේශිත ක්‍රීඩකයින් අතරට එක් වීමට ද සමත් විය. ආධුනික ක්‍රීඩකයින් අතරින් හොඳම ක්‍රීඩකයා සඳහා පිරිණමන HSBC SVNS Men’s Rookie of the Year සම්මානය සඳහා ඔහු එලෙස නම් විය.
![]() |
| ඒඩ්න් ඩුබායි සත් සාමාජික තරගාවලියේ ක්‍රීඩා කළ අයුරු |




SL genes 🇱🇰
ReplyDelete